





22 hours ago
ලෝක සෞඛ්‍ය සංවිධානයේ "කොවැක්ස් පහසුකම" යටතේ ඉන්දියාවේ නිෂ්පාදිත ඔක්ස්ෆර්ඩ් – ඇස්ට්‍රා සෙනෙකා එන්නත් මාත්‍රා ලක්ෂ 17ක තොගයක් ලබන මැයි මාසය වන විට උතුරු කොරියාව වෙත ලැබීමට නියමිතව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
තම රට තුළ කොවිඩ් ආසාදිතයින් නොමැති බව උතුරු කොරියානු පාලකයෝ පවසති. නමුත් එය සත්‍ය විය නොහැකි බව විචාරකයෝ පෙන්වා දෙති.
ඒ චීනය, උතුරු කොරියාවේ ප්‍රධානතම සැපයුම් මධ්‍යස්ථානය ලෙස සැලකෙන බැවිනි. මේ වනවිට උතුරු කොරියාව දැඩි සංචරණ සීමා පනවා ඇති අතර එම රට තුළට ඇතුළුවීම තහනම් ය. … See MoreSee Less
- Likes: 1
- Shares: 0
- Comments: 0
1 day ago
ඉකුත් දින කිහිපයේදී නාරංගල කන්ද රක්ෂිතයේ සිදු වු විනාශකාරී සිදුවීම් කිහිපයක් සැලකිල්ලට ගනිමින් සංචාරකයින්ට ඇතුලුවීම තහනම් කර තිබෙනවා
මෙම භූමියට විධිමත් ක්‍රමවේදයක් සකස් කොට සංචාරකයින් සදහා විවෘත කරන තෙක් නාරංගල කන්ද සංචාරකයින්ට තහනම් ප්‍රදේශයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇති බව බදුල්ල දිස්ත්‍රික් ලේකම් දමයන්ති පරණගම මහත්මිය සඳහන් කළේය . … See MoreSee Less
2 days ago
2 days ago
චීනයේ ධනවත්ම පුද්ගලයා ලෙස හඳුන්වනු ලැබූ අලිබබා සමාගමේ නිර්මාතෘ ජැක් මා හට එම ස්ථානය අහිමි වී තිබේ.
ඔහු 2019 සහ 2020 වසර වල චීනයේ ධනවත් පුද්ගලයින්ගේ ලැයිස්තුවේ ඉදිරියෙන්ම සිටියේ ඔහු ය.
නමුත් එරට ධනවතුන් සම්බන්ධයෙන් නිකුත්කළ නවතම ලැයිස්තුවට අනුව ධනවත්ම පුද්ගලයා බවට "බෝතල් කළ පානීය ජලය" අලෙවි කිරීමේ ව්‍යාපාරයක් වන "නොන්ග්ෆු ස්ප්‍රින්ග්" හි හිමිකරු ෂොං ශාන්ශාන් පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
අදාළ ව්‍යාපාරයට අමතරව ෂොං ශාන්ශාන් කොවිඩ් -19 මර්දන එන්නත් නිෂ්පාදනය කරනු ලබන බීජිං හි පිහිටි සමාගමක ද හිමිකරු වේ.
"නොන්ග්ෆු ස්ප්‍රින්ග්" සමාගමේ කොටස් සඳහා ඇති ඉල්ලුම සැලකිය යුතු ලෙස වර්ධනය වී ඇති බව දත්ත පෙන්නුම් කරයි. … See MoreSee Less
2 days ago
බ්‍රේස්ලට් එකක් හෝ මුද්දක් ලෙස පැලැඳිය හැකි තාප විදුලි ජනකයක් මගින් මිනිස් සිරුරේ උෂ්ණත්වය විද්‍යුත් ශක්තියක් බවට පරිවර්තනයෙන්, බැටරි ආරෝපණ කළ හැකි හැකි බව කොලරාඩෝ විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් පිරිසක් විසින් සොයාගෙන තිබෙනවා.
මෙම තාක්ෂණය ඔස්සේ අප පළඳින සාමාන්‍ය ඉලෙක්ට්‍රොනික් උපාංග එනම් ස්මාර්ට් වොච්, ෆිට්නස් ට්‍රැකර්ස් ආදියෙහි බැටරි ආරෝපණය කර ගැනීමට හැකියාව ලැබෙන බව පර්යේෂකයින් විසින් පෙන්වා දෙනවා.
මනුෂ්‍ය ශරීරයේ සෑම වර්ග සෙන්ටිමීටරයකින්ම වෝල්ට් 1 ක ශක්තියක් නිපදවීමට මෙම තාප විදුලි ජනකය සමත් වෙන අතර එලෙස නිෂ්පාදනය කරගන්නා විදුලිය මෙවැනි ඉලෙක්ට්‍රොනික් උපාංග ආරෝපණය කිරීම සඳහා ප්‍රමාණවත් වන බව මොවුන් විශ්වාසය පළ කරනවා.
දැනට භාවිතා කරන තාක්ෂණයට අනුව ස්මාර්ට් වොච් හෝ ෆිට්නස් ට්‍රැකර්ස් වල බැටරි කෝශයක් අන්තර්ගත කල යුතු අතර එය නිරන්තරයෙනම ආරෝපණය කිරීමට අවශ්‍ය වන අතර, බැටරියෙහි ආයු කාලය අවසන් වූ පසු එය ප්‍රතිස්ථාපනය කිරීමටද අවශ්‍ය වෙනවා.
නමුත් මෙම තාක්ෂණය ඔස්සේ මෙවැනි උපාංග සඳහා බැටරි කෝෂ ඇතුලත් කිරීම අවශ්‍ය නොවනු ඇති අතර, උපාංගයට අවශ්‍ය ශක්තිය මෙම තාප විදුලි ජනකය එක මඟින් අඛණ්ඩව ලබාදෙනු ඇති.
පර්යේෂකයන් අනාවැකි පළ කරන්නේ නිර්මාණයේ ඇතැම් සම්බන්ධතා සකස් කිරීමෙන් පසු වසර 5 ක් හෝ 10 ක් තුළ උපාංගය වෙළඳපොල වෙත නිකුත් කිරීමට හැකියාව ලැබෙනු ඇති බවයි. … See MoreSee Less
2 days ago
7 days ago
මෙරිකාවේදී සිදුකරන ලද සමාලෝචනයකින් පසු කොවිඩ් මර්දනය සඳහා නිෂ්පාදිත ජොන්සන් ඇන්ඩ් ජොන්සන් එන්නත එක් මාත්‍රාවක් පමණක් ප්‍රමාණවත් බවට හඳුනාගෙන තිබේ.
කොවිඩ් මර්දනය සඳහා අමෙරිකාවේ අනුමත තෙවන එන්නත බවට මෙම එන්නත පත්වනු ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.
මෙම ජොන්සන් ඇන්ඩ් ජෝන්සන් එන්නත ෆයිසර් සහ මෝඩර්නා එන්නතට විකල්ප එන්නතක් ලෙස භාවිත කළ හැකි අතර එය ශිතකරණයක් තුළ ගබඩා කිරිමේ හැකියාව ද පවතින බව සඳහන් ය. … See MoreSee Less
1 week ago
ශ්‍රී ලංකා මහ බැංකුවට වසර 70ක් පිරීම නිමිත්තෙන් නිකුත් කළ රුපියල් 20 නව කාසිය ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් මහතා විසින් ඊයේ(24) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත පිළිගන්වනු ලැබුවා.
කාසි මිලියන 05ක් ලබන මාර්තු 03වනදා සිට මුදල් සංසරණයට එකතු කෙරෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරනවා. … See MoreSee Less
1 week ago
ලොව විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගණය ලෙස සංවර්ධනය කරන ලද ඉන්දියාවේ මොටේරා ක්‍රීඩාංගණය අද (24) නිල වශයෙන් විවෘත කිරීමට නියමිතව තිබේ.
අහමදාබාද් හි පිහිටි මෙම ක්‍රීඩාංගණය ඉන්දිය ජනාධිපති රාමනාත් කෝවින්ද් විසින් විවෘත කිරීමට නියමිත බව ඉන්දිය මාධ්‍ය වාර්තා කරයි.
ඒ අනුව අද පස්වරුවේ එංගලන්ත ඉන්දියා තෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟය එම ක්‍රීඩාංගණයේදී ආරම්භවීමට නියමිතය.
එක් ලක්ෂ 10,000ක පිරිසකට අසුන් පැනවිය හැකි ප්‍රේක්ෂකාගාරයකින් සමන්විත මොටේරා ක්‍රීඩාංගණය සංවර්ධනය කිරිමේ කටයුතු 2015 වසරේදී ආරම්භකර තිබුණි. … See MoreSee Less
1 week ago
1 week ago
ලොව ජනප්‍රියම ශ්‍රව්‍ය ප්‍රවාහ දායක සේවාව වන Spotify අද නිල වශයෙන් බංග්ලාදේශය, පාකිස්තානය සහ ශ්‍රී ලංකාව තුළ දියත් කරයි.
ඊයේ දිනයේ පැවති Spotify "Stream On" online event එක අතරතුරදී Spotify සමාගම ඔවුන්ගේ සේවාව ශ්‍රී ලංකාව ඇතුළු තවත් රටවල් 85කට ලබාදීමට කටයුතු කරමින් සිටින බව නිළ වශයෙන් වාර්තා කරනු ලැබුවා.
මේ වන විට Spotify සේවාව සමඟින් මිලියන 340කට අධික ක්‍රියාකාරී පරිශීලකයින් පිරිසක් එකතු වී සිටින අතර ඒ අතරින් මිලියන 150ක පමණ වාරික ග්‍රාහකයින් පිරිසක් භාවිතා කරනු ලබනවා. දැනට රටවල් 93කට පමණක් සීමා වී ඇති Spotify සේවාව මෙම ව්‍යාප්ත කිරීමත් සමඟින් ලොව පුරා රටවල් 170කට අධික ප්‍රමාණයක සිට භාවිතා කිරීමේ හැකියාව ලැබෙනවා.
මිලියන 70 කට අධික ධාවන පථවල දේශීය හා විදේශීය සංගීත සඳහා පුද්ගලික ශ්‍රවණ අත්දැකීමක් ලබා දෙනු ඇත.
Spotify සේවාව නොමිලේ හෝ Spotify Premium වෙත යාවත්කාලීන කිරීමකින් ලබා ගත හැකිය, එය දැන්වීම් බාධාවකින් තොරව සංගීතය රස විඳීමට පරිශීලකයින්ට ඉඩ සලසන දායකත්ව සේවාවකි.
මසකට LKR 529 ක් සඳහා අවසාන Spotify අත්දැකීම සඳහා පරිශීලකයින්ට Spotify වාරිකයට යාවත්කාලීන කළ හැකිය. එකම වහලක් යට ජීවත් වන පවුලේ සාමාජිකයන් 6 දෙනෙකු දක්වා වාරික පවුල් දායකත්ව සැලැස්ම මසකට LKR 849 ක් සඳහා ලබා ගත හැකිය. නව Spotify Premium DUO එකම නිවසේ ලිපිනයක ජීවත්වන දෙදෙනෙකු සඳහා (මසකට 679 LKR) වන දායකත්ව සැලැස්මක් වන අතර එයට ඩුඕ මික්ස් ඇතුළත් වේ. සිසුන් සඳහා Spotify වාරිකය සඳහා මසකට LKR 265 ක් වැය වේ.
Spotify ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ අසමසම අංගයන්ගෙන් සමන්විත වන අතර පුළුල් පරාසයක උපාංග සහ යෙදුම් ඒකාබද්ධ කිරීම් හරහා ක්‍රීඩා කිරීමට ඇති නිදහසයි. සංගීත ලෝලීන් විසින් Spotify හි පුද්ගලාරෝපිත සංගීත නිර්දේශයන් ද භුක්ති විඳිනු ඇත, එමඟින් දේශීය හා විදේශීය කලාකරුවන්ගේ නව සංගීතය රස විඳීමට, සොයා ගැනීමට සහ බෙදා ගැනීමට ඔවුන්ට උපකාරී වනු ඇත. … See MoreSee Less
1 week ago
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ශ්‍රී ලංකා විස්සයි 20 ක්‍රිකට් නායක දසුන් ශානකගේ ගුවන්ගමන් බලපත්‍රය අස්ථානගතවීමෙන් ඔහුට බටහිර ඉන්දීය කොදෙව් දූපත් කරා යෑමට නොහැකි වූ බවය.
ඒ අනුව අදාළ ගැටලුව නිරාකරණය කරගැනීමෙන් අනතුරුව දසුන් ශානක කොදෙව් සංචාරය සඳහා පිටත්වයෑමට නියමිත බව ක්‍රිකට් ආයතනය පවසයි.
බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරයට සහභාගීවන ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (22) රාත්‍රීයේ දිවයිනෙන් පිටත්විය.
දෙරට අතර විස්සයි 20 තරග තුනක්, එක්දින තරග 3ක් සහ ටෙස්ට් තරග 02ක් ක්‍රීඩා කිරීමට නියමිතය. … See MoreSee Less
1 week ago
වාහන ආනයනය සඳහා පනවා ඇති තහනම මේ වසර අවසානය වනවිට ලිහිල් කිරීමට බලාපොරොත්තු වන බව මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් පවසනවා.
අද පාර්ලිමේන්තුවේදී සජිත් ප්‍රේමදාස විමසු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව පැවසුවා. … See MoreSee Less
1 week ago
පසුගිය සෙනසුරාදා එම වර්ගයේ ගුවන් යානයක් ඉහළ අහසේදී කාර්මික දෝෂයකට මුහුණදීම හේතුවෙන් අමෙරිකා එක්සත් ජනපදයේ "යුනයිටඩ් එයාර්ලයින්" සමාගම සිය සමාගම සතු සියලු බෝයිං 777 වර්ගයේ ගුවන්යානා සේවයෙන් ඉවත් කිරීමට තීරණය කර තිබේ.
ඒ අනුව එම සමාගම සතු "ප්‍රැට් සහ විට්නි 4000" එන්ජින් සහිත ගුවන්යානා සේවයෙන් ඉවත්කර ඒවායේ කාර්මික දෝෂ වහාම සොයාබලන ලෙස එරට ගුවන් නියාමන ආයතනය "යුනයිටඩ් එයාර්ලයින්" සමාගමට දන්වා ඇති බව වාර්තා වේ.
එහිදී, ගුවන්යානයේ එන්ජිම ගිනිගෙන ක්‍රියාවිරහිත වී ඇති අතර ගුවන් නියමුවා ගේ දක්ෂතාව මත නිරුපද්‍රිතව යානය ඩෙන්වර් ජාත්‍යන්තර ගුවන්තොටුපොළට ගොඩබෑමට හැකිව තිබේ.
එම අවස්ථාවේ ගුවන්යානයේ මගීන් 241 දෙනෙක් ගමන් කරමින් සිටි බව සඳහන් වේ. … See MoreSee Less
2 weeks ago
වවුනියාව, සෙට්ටිකුලම, සින්නතම්පනෙයි ප්‍රදේශයේ කැලෑවක සඟවා තිබු මරාගෙන මැරෙන ප්‍රහාර සඳහා යොදාගන්නා ඇදුම් කට්ටල දෙකක් සොයාගත් බව පොලීසිය පවසයි.
ලද බුද්ධි තොරතුරක් මත මෙම සඟවා තිබු මරාගෙන මැරෙන ඇදුම් කට්ටල දෙක සොයාගත් බව සෙට්ටිකුලම පොලීසිය සඳහන් කළේය.
ඉන් එකක් කිලෝග්‍රෑම් දෙකහාමාරක පමණ බරකින් යුතු පුපුරණ ද්‍රව්‍යවලින් සමන්විත වේ.
සොයාගත් එම මරාගෙන මැරෙන බෝම්බ ඇඳුම් කට්ටලවල පුපුරණ ද්‍රව්‍ය වර්තමානයේදී ද ජීව තත්ත්වයේ පවතින අතර, පොලිස් විශේෂ කාර්ය බලකා බෝම්බ නිෂ්ක්‍රිය අංශය විසින් වවුනියාව මහෙස්ත්‍රාත් අධිකරණ නියෝග මත නිෂ්ක්‍රිය කිරීමට නියමිතය. … See MoreSee Less
2 weeks ago
2 weeks ago
2 weeks ago
තවත් කොවිඩ් වෛරස විකෘති ප්‍රභේදයක් එක්සත් රාජධානියෙන් හඳුනාගත් බව එඩින්බ්රරෝ විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයන් පවසයි.
මෙම නව කොවිඩ් ප්‍රභේදය B.1.525 යනුවෙන් නම්කර ඇත.
එම වෛරස ප්‍රභේදය බොහෝ දුරට දකුණු අප්‍රිකාවෙන් වාර්තා වන කොවිඩ් ප්‍රභේදයට සමාන වන බවත් එම වෛරසටය වඩා නව ප්‍රභේදය ක්‍රියාකාරීත්වය ඉහළ බවත් එය හඳුනා ගනු ලැබූ ප්‍රදේශයන් ඉලක්ක කර ගනිමින් පරීක්ෂණ සිදුකරනු ලබන බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ
2020 වසරේ දෙසැම්බර් මාසයේ සිට ලබාගත් සාම්පල පරීක්ෂාවට බඳුන් කිරීමෙන් ආසාදිතයින් 38 දෙනෙකු වාර්තා වී ඇති බවත් ඉන් 36 දෙනෙකු බ්‍රිතාන්‍යය තුලින්ද සෙසු 02 දෙනා වේල්සයෙන් හමුවී ඇත.
මෙම වෛරස් ප්‍රභේදයට සමාන ප්රභේදයන් ඩෙන්මාර්කය, නයිජීරියාව සහ අමෙරිකාවෙන් වාර්තා වී ඇති බවට වාර්තා පලවන බවත් ඒ සම්බන්ධයෙන් ද කරුණු සොයා බලමින් සිටින බවයි විද්‍යාඥයින් සඳහන් කරන්නේ.
මෙම වෛරස් ප්‍රභේදයේ හැසිරීම කෙබඳුද, එය ඉක්මන් ව්‍යාප්තියක් සහිත මෙන්ම වඩාත් සැලකිලිමත් විය යුතු නව ප්‍රභේදයක් ද යන්න සම්බන්ධයෙන් මේ වන විට විමර්ෂණ සිදුකරමින් සිටින බවයි බ්‍රිතාන්‍යය මාධ්‍ය වාර්තා කර සිටින්නේ.
එම නව ප්‍රභේදය එන්නත්වල ඵලදායිත්වය අඩුකිරීමටත් හේතුවනු ඇති බව එක්සත් රාජධානියේ සෞඛ්‍ය බලධාරීන් පවසයි. … See MoreSee Less
2 weeks ago
ශීඝ්‍ර ව්‍යාප්තියක් සිදුවිය හැකි බවට හඳුනාගෙන ඇති නව කොවිඩ් ප්‍රභේදයේ අවදානම සැළකිල්ලට ගනිමින් අනවශ්‍ය ගමන්බිමන් යාමෙන් වැළකි සිටිය යුතු බව කොළඹ මහනගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි විශේෂඥ වෛද්‍ය රුවන් විජේමුණි මහතා පවසයි.
පසුගිය දිනක ශ්‍රී ජයවර්ධන විශ්වවිද්‍යාලයේ චන්දිම ජීවන්දර මහතා විසින් සොයාගත් එම නව වෛරස ප්‍රභේදය කොළඹ නගරය තුළ ව්‍යාප්තව ඇතැයි ද වෛද්‍ය රුවන් විජේමුණි මහතා කියාසිටියේය.
ඒ අනුව මංගල උත්සව, උපන්දින සාද හා රාත්‍රී සමාජ ශාලා පැවැත්වීම නතර කළ යුතු බව ද පැවසු වෛද්‍යවරයා, හැකි තරම් සෙනඟ ගැවසෙන ස්ථානවලින් ඉවත්ව සිටිය යුතු බවත් එසේ නොවුනහොත් කොළඹ නගරය තුළ වැඩි වශයෙන් කොවිඩ් ව්‍යාප්ත විය හැකි බවටත් අනතුරු ඇඟවීය.
“මෙය ශීඝ්‍රයෙන් ව්‍යාප්ත විය හැකියි. මම විශේෂයෙන්ම ඉල්ලා සිටිනවා මංගල උත්සව, උපන්දින සාද හා නයිට් ක්ලබ් ඒවගේ දේවල් නොකළ යුතුයි. ඒ වගේම හැකි තරම් මේ සෙනඟ ගැවසෙන තැන්වලට නොගිහින් ඉන්න. මොකද එසේ නොවුනහොත් අපිට තවත් රෝගීන්ගේ වැඩිවීමක් කොළඹ නගරය තුළ සහ පොදුවේ ලංකාවෙන් දැකගත හැකිය.“ … See MoreSee Less
2 weeks ago
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට හෙට (16) දින ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා-සෙනෙකා එන්නත යුද හමුදා රෝහලේදී ලබාදෙන බව පාර්ලිමේන්තු වේත්‍රධාරීවරයා සඳහන් කළා.
පසුගියදා අමාත්‍ය සී බී රත්නායක මහතාට ද එම එන්නත ලබාදුනි … See MoreSee Less
Contact Us
Location 1:
11A Ocean View Towers, Colombo 04, Sri Lanka.
Email:
info@fox914.com
Phone:
+94 777 711 404